Gossips

බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහි දඩ ඉහළ දැමීමේ සූදානමක්

බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩ ඉහළ දැමීමට ඉදිරි සති කිහිපය තුළ කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කරනවා.
දඩ පැනවීමට අමතරව ඔවුන්ගේ රියදුරු බලපත්‍රය අහෝසි කිරීමටද අවශ්‍ය නීති ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කරන්නේ.
හඳුනානොගත් වාහනවලින් අනතුරට ලක්වූවන්ට වන්දි ලබාදීමේ අවස්ථාවකට කොළඹදී අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා