Gossips

ලසන්ත අලගියවන්න යළි රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති තනතුරට

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න අද යළි ඒකඡන්දයෙන් තේරී පත්වුණා.
ඒ එම කාරක සභාව අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදියි.
එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා විසින් පාර්ලමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න එම කාරක සභාවේ සභාපති තනතුරට යෝජනා කර ඇති අතර, එය ස්ථිර කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සයි.