Gossips

සරත් එන්. සිල්වාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාට පෙබරවාරි මස 07 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නොතීසි නිකුත් කළා.
මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, එස්. තුරෙයිරාජා සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි කැදවනු ලැබුවේ.
මෙහි වගඋත්තරකාර පාර්ශවය ලෙස හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.
හිටපු අගවිනිසුරුවරයා අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන්නේ තම සේවාදායකයාට නොතීසි ලැබී නොමැති නමුත් අද (23) දිනයේ අධිකරණයේ පෙනී සිටින බවයි.
පසුගිය වසරේ දෙසැම්බර් මස 03 වනදා මරදාන මංසන්ධියේ පැවති රැළියකදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇති බව පවසමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ඇතුළු තුන්දෙනෙකු මෙම පැමිණිල්ල ගොනු කර තිබුණා.