Gossips

නිදහස් දින විශේෂ ආරාධිතයා මාලදිවයින් ජනපති

පෙබරවාරි මස 4 වනදා ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන 71 වන ජාතික නිදහස් සැමරුමේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි සහභාගි වීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
නිදහස් දින උළෙල සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර, නිදහස් දින උළෙලේ පෙරහුරු පැවැත්වෙන මේ මස 26,27,31 සහ පෙබරවාරි 1,2,3 යන දිනවලදී පොලීසිය විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නංවා තිබෙනවා.
ඒ අනුව, පෙරහුරු පැවැත්වෙන දිනවලදී උදෑසන 6 යි 30 සිට දහවල් 01 දක්වා ගාලුමුවදොර අවට මාර්ග වසා තැබීමටයි නියමිතව ඇත්තේ.
එම කාලසීමාවේදී කොල්ලුපිටිය මංසන්ධියේ සිට ගාලුමුවදොර පාර කොටුව ලෝටස් වටරවුම දක්වා වසා තැබෙනු ඇති.