Gossips

ප්‍රබල ඇමතිවරු 04 ක් විදෙස් ගතවෙයි

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු වූ අද (25) දිනයේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විදේශ ගතවන බව වාර්තාවනවා.
අර්ජුන රණතුංග අමාත්‍යවරයා මේ වනවිටත් විදෙස් ගතව ඇති අතර, ගුවන් තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ අද අලූයම 3 ට පමණ ඔහු දෝහා කටාර් බලා පිටත්ව ගොස් ඇති බවයි.
මීට අමතරව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා අද පස්වරු 1.55 ට නවදිල්ලිය බලා පිටත්ව යාමට නියමිත බව සඳහන්.
සරත් අමුණුගම අමාත්‍යවරයාද අද පස්වරු 2.35 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිත අතර, රවීන්ද්‍ර සමරවීර රාජ්‍ය අමාත්‍යවරයා අද දහවල් 12.50 ට ලන්ඩන් බලා පිටත්ව යාමට නියමිත බවයි ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ.