Gossips

බදුල්ල කතරගම දේවාලයේ බෝ ගසක අත්තක් කඩාවැටෙයි

බදුල්ල කතරගම දේවාලයේ බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා.
බෝ ගසේ අත්ත කඩාවැටීමෙන් දේවාලයේ පසුපස පිවිසුමේ ඇති ගේට්ටුවට හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
මෙම පෞරාණික බෝ ගස විශාල ලෙස පැතිරී ඇති අතර මීට පෙර අවස්ථා කිහිපයකදීද මෙලෙස අතු කඩා වැටීම සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ මෙලෙස අත්ත කඩා වැටීමෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වැළකී ගිය බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ඒ එම මාර්ගයේ දහවල් කාලයේ විශාල රථවාහන ප්‍රමාණයක් නවතා තැබීම හේතුවෙන්.
මෙලෙස කඩා වැටීමේ අවධානම ඇති තවත් අතු මෙම බෝ ගසේ ඇති බැවින් කඩිනමින් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුබවයි ප්‍රදේශවාසීන් පෙන්වාදෙන්නේ.