Gossips

මන්නාරම සමූහ මිනීවලේ අස්ථි සාම්පල අද ඇමරිකාවට

මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස්වල සාම්පල කාලනිර්ණය සඳහා ඇමරිකාවට අද (23) රැගෙන යාමට නියමිතයි.
එහි කැණීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ කියා සිටියේ දින 132 ක් පුරා සිදුකරන ලද කැණීම් කටයුතුවලින් අස්ථි කොටස් 300ක් පමණ හමුවූ බවයි.
එහි සාම්පල මෙලෙස ඇමරිකාවේ ෆ්ලොරිඩා හි පිහිටි රසායනාගාරයක් වෙත රැගෙන යනු ලබනවා.
එමෙන්ම ඊයේ සිට එහි කැණීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති අතර, නැවත මේ මස 30 වනදා කැණීම් ඇරඹීමට අපේක්ෂා කරන බවයි වෛද්‍ය ශමින්ද රාජපක්ෂ සඳහන් කළේ.