වව්නියාවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීග්රගාමී දුම්රියක මැදිරි දෙකක් එන්ජිමෙන් ගැලවී ගොස් තිබෙනවා. 
දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ තලාව සහ ශ්රාවස්තිපුර අතර දී අද උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි. 
කෙසේ වෙතත්, ගැලවී ගිය දුම්රිය මැදිරි දෙක එන්ජිම හා සම්බන්ධ කර යළි කොළඹ කොටුව දක්වා පැමිණෙමින් පවතින බව ද පාලක මැදිරිය ප්රකාශ කළා. සිද්ධියෙන් එම මැදිරිවල ගමන් කළ කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.



