Gossips

ජනපති දෘෂ්‍යාබාධිත දරුවන් දෙදෙනෙකුගේ ඉල්ලීම ඉටු කරයි

රුවන්වැල්ල ප්‍රදේශයේදී දෘෂ්‍යාබාධිත ළමුන් දෙදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන්ට සර්පිනාවක් පිරිනැමීම අද සිදු කෙරුනා.
ජනපති ධුරයට පත්වී වසර 4 ක් සපිරීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ආශීර්වාද පතා පසුගිය 12 වනදා රුවන්වැල්ල සදානන්ද පිරිවෙන් විහාරස්ථානයේ ආගමික වැඩසටහනක් පැවැත්වුනා.
ඊට සහභාගී වීම සඳහා යන අතරවාරයේදීයි ජනපති අසලට පැමිණි දරුවන් දෙදෙනා සර්පිනාවක් ඉල්ලා තිබුනේ.
එහිදී පොරොන්දු වූ පිරිදි දෘෂ්‍යාබාධිත දරුවන් දෙදෙනාට නව සර්පිනාවක් සහ ඔවුන්ගේ පවුලේ සුබසාධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාග කිරීම ද අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිදු කෙරුනා.