Gossips

උතුරු ආණ්ඩුකාරවරයා, නිදහස් කළ ඉඩම්වල වාර්තාවක් ඉල්ලයි

2009 වසරේ සිට උතුරේ ආරක්ෂක අංශ විසින් නිදහස් කර දුන් සියලු ඉඩම්වල වාර්තාවක් ලබාදෙන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට දන්වා තිබෙනවා.
උතුරු පළාතේ සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතර සාකච්ඡාවක් අද පැවැත්වුනා.
එහිදී 2009 වසරේ සිට ආරක්ෂක අංශ විසින් නිදහස් කරන ලද ඉඩම් පිළිබඳ විශේෂයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙසටයි සියලු ලේකම්වරුන්ට ආණ්ඩුකාරවරයා දන්වා ඇත්තේ.
එමෙන්ම උතුරේ ජීවත්වන ජනතාවගේ ජීවනෝපාය වර්ධනය කෙරෙන කෘෂිකර්මාන්තයට ඇති ගැටලු සහ පානීය ජල ගැටලුව පිළිබඳව ද දීර්ඝව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.