Gossips

මඟ වැරදී ගිය, ශ්‍රීපාද ගමන

ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ජීප් රථයක් මස්කෙළිය – නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ සමන් දේවාලය අසල පිහිටි යුද හමුදා මුරපොළ අසලදී ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.
අද (25) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරෙන් එහි ගමන් ගත් ස්වාමින් වහන්සේ නමක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
තුවාල ලැබුවන් මේ වන විට මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියා.