Gossips

වට්ටක්කා පාරක් වසයි

නොච්චියාගම ප්‍රදේශයේ වට්ටක්කා ගොවීන් අද පුත්තලම – අනුරාධපුර ප්‍රධාන මාර්ගය අවහිර කර වට්ටක්කා අතුරා විරෝධතාවක නිරතවුණා.
ඒ, රජයට වට්ටක්කා අලෙවි කිරීමේදී ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරියෙකු රුපියල් පන්දහසක කප්පමක් ඉල්ලා සිටින බවට චෝදනා කරමින්.
අනතුරුව එම ස්ථානයට පැමිණි අනුරාධපුර කෘෂිකර්ම සහකාර කොමසාරිස්වරයා චෝදනාව එල්ලවන නිලධාරියා ඉවත් කරන බව ප්‍රකාශ කිරීමෙන් පසුව පිරිස විසිර ගියා.