බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට අදාළව අස්ගිරි, මල්වතු ඇතුළු මහා නා හිමිවරුන් ලබාදුන් ලිඛිත ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව එම සංවිධානය පවසනවා.
අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මෙම අදහස් පළ වුණා.
මේ අතර, විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ඊයේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළවුණා.
මේ අතර, සිරගත කර සිටින රණවිරුවන් සහ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙසට ඉල්ලමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය අද ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් භාරදුන්නා.