Gossips

නෝකෝල් සහ ගෝවා වගාවටත් බලපෑම්

සේනා දළඹුවා ඊසාන දිග මෝසම් සුළං සමඟ මෙරටට පැමිණෙන්නට ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය විජේසිරි වීරකෝන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
මේ අතර සේනා දළඹු උවදුර සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළා.
ඊට පිළිතුරු ලබාදුන්නේ සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලයි.
අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය විජේසිරි වීරකෝන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ විවිධ පාර්ශව සේනා දළඹුවාගේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ තර්කානුකූල නොමැති බවයි.
එම මාධ්‍ය හමුවට එක්වූ කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් කියා සිටියේ සේනා දළඹුවාගේ බලපෑම හේතුවෙන් හානි වූ වගා හිමියන්ට අක්කරයකට රුපියල් 40,000 ක උපරිමයකට යටත්ව වන්දි ලබාදීමට රජය කටයුතු කරන බවයි.
එමෙන්ම, බඩඉරිඟු සහ තවත් භෝග කිහිපයක ව්‍යාප්ත වී ඇති සේනා දළඹු උවදුර මේ වනවිට මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගෝවා සහ නෝකෝල් වගාවටද ව්‍යාප්ත වී ඇති බවට හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
කෙසේ වෙතත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කීට විද්‍යා අංශයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ එස්.එස්.වැලිගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ලීක්ස්, ගෝවා සහ බී ළුෑණු වගාවට සේනා දළඹුවා බෝ වුවහොත් එය පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බවයි.