Gossips

තිස්ස අත්තනායකට එරෙහි කූඨ ලේඛන නඩුව කල් යයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
එහිදී මෙම පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් විශේෂ මහාධිකරණයේ වෙනත් නඩු කටයුත්තක් මෙහෙයවන බැවින් නඩුව ලබන මස 12 වනදා දක්වා කල් දමන ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි නියෝග කළේ.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදත් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් තම සේවාදායකයා නිදහස් කරන ලෙස ඉල්ලීමක් කළා.
කෙසේ වෙතත් කරුණු සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව ලබන මස 12 වනදා දක්වා කල් දැමීමටයි නියෝග කළේ.