Gossips

අගමැතිට එරෙහි පෙත්සම කල් යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් කොළඹ නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවල අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම අද කැදවනු ලැබුවා.
ඒ, අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර හමුවේයි.
එහිදී විනිසුරුවරයා නියෝග කළේ පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා එය යළි ලබන 31 වන දා කැදවන ලෙසයි.
පෞද්ගලික ආයතනවල කොටස් හිමිකාරිත්වය දරා ලාභ ලැබීම සහ ඊට අදාළ වත්කම් බැරකම් හෙළි නොකිරීම යන චෝදනා යටතේ මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.
ඒ හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කර ඇති බැවින්, ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එරෙහිව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් ලබා දෙන ලෙසයි එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.