Gossips

රජයේ විධායක නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ

රජයේ විධායක නිලධාරීන් නියෝජනය කරනු ලබන සේවාවන් ගණනාවකට බලපා ඇති වැටුප් විෂමතාවයට කඩිනමින් විසදුම් ලබා නොදුනහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බවට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අනතුරු අගවනවා.
එම කමිටුවේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ වැටුප් විෂමතා ගැටළුව විසදීම සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුව තුළින් ද ගැටළුව මෙතෙක් නිරාකරණය වී නොමැති බවයි.