Gossips

රාජ්‍ය කළමනාකරණ සහයකයින් මහනුවරදී විරෝධතාවක

රාජ්‍ය කළමණාකරණ සහකාර සේවා සංගමයේ වෘත්තිය සමිති සන්ධානය අද දහවල් මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
ඒ වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් 13 කට විසදුම් ලබාදෙන ලෙස පවසමින්.
විරෝධතාකරුවන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට ඔරලෝසු කණුව දක්වා පාගමනින් පැමිණීමෙන් අනතුරුවයි මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ.