Gossips

සේනා කළ හානියට වන්දි ගෙවන්න මි. 250ක්

සේනා දළඹුවාගෙන් බලපෑමට ලක්වූ ගොවීන්ට වන්දි ලබාදීම සඳහා රුපියල් මිලියන 250ක මුදලක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
අද රැස්වූ කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි අමාත්‍ය දයා ගමගේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.