Gossips

පොලිස් ඇමතිවරුන්ට ජනපතිගෙන් චෝදනා

පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට පත් කිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට ඊයේ (21) කොළඹ දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ ජාතික පොලිස් ඇකඩමිය උපාධි මට්ටමට ගෙන ආ යුතු බවත්, ඊට යම් බාධාවක් තිබේ නම් සියළු බාධා ඉවත් කිරීමට ද කටයුතු කරන බවයි.
අපරාධ මර්දනයේදී සහ බරපතල අපරාධකරුවන් පිළිබදව ක්‍රියා කිරීමේදී මානව හිමිකම්වලට මුවා වී ඇතැම් පිරිස් ඊට එරෙහි කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී මීට පෙර පොලීසිය භාරව සිටි අමාත්‍යවරුන් පිළිබඳව ද අදහස් පළ කළා.