Gossips

සේනා මඩින්න ත්‍රිවිධ හමුදාවේ සහය

සේනා උවදුර මර්දනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීම පිළිබදව රජයේ අවධානය යොමු වී තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (21) අමාත්‍යවරුන්ගේ හමුවක් පැවති අතර, එහිදී සේනා දළඹු උවදුර පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී ඇති බව සඳහන්.
මේ අතර, කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සේනා උවදුරෙන් වගා හානියට පත්වූ ගොවීන්ට වන්දි ලබාදීමේ යෝජනාවක් අද (22) අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කරන බවයි.