Gossips

පොළොන්නරුවට කැබිනට් අමාත්‍ය ධුරයක් ඉල්ලා විරෝධතාවක්

පොළොන්නරුව දිස්ත්‍රික්කයට කැබිනට් අමාත්‍ය ධුරයක් ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් අද පස්වරුවේ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
එහිදී විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
අරලියගහ මන්දිරය ඉදිරිපිට අද පස්වරුවේ මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පලාත් සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක්.
අමාත්‍ය සාගල රත්නායක මහතා හමුවීමට ඉල්ලා සිටි අවස්ථාව නොලැබීම හේතුවෙනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ.