Gossips

WhatsApp පණිවුඩ හුවමාරුවට සීමාවක්

වැරදි තොරතුරු සිය සමාජ මාධ්‍යය හරහා පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස වට්ස් ඇප් මගින් යැවිය හැකි පණිවුඩ සංඛ්‍යාව සීමා කිරිමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව වට්ස් ඇප් භාවිත කරන්නෙකුට එක් පණිවුඩයක් යැවිය හැකි වාර ගණන 5කට සීමා වනු ඇති.
මෙතෙක් එලෙස පණිවුඩයක් 20 වරක් යැවීමට හැකියාවක් පැවති අතර, ඒ හරහා පුද්ගලයන් 5120 දෙනෙකුට එක්වර ප්‍රවේශවීමේ හැකියාවක් පැවතුණා.
එහෙත් නව පියවර අනුව එම සංඛ්‍යාව 1280කට සීමා වනවා.