Gossips

හිටපු ජනපතිනී චන්ද්‍රිකාගෙන් දෝස් මුරයක්

දේශපාලනඥයින්, නීතිඥයින් සහ සංඝයා වහන්සේලාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග චෝදනා වැළක් එල්ල කළා.
ඒ, අත්තනගල්ල – හොරගොල්ල ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.
එහිදී ඇය සඳහන් කළේ දේශපාලනඥයින් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් තමන් කළකිරීමට පත්වුණු බවයි.
එමෙන්ම නීතිඥයින් සහ සංඝයා වහන්සේලාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ද හිටපු ජනපතිවරිය විවේචනයට ලක් කළා.