Gossips

උද්ධමනය අනුව ඉහළම පොලී අනුපාත ශ්‍රී ලංකාවේ

උද්ධමනය අනුව සැකසූ ඉහළම පොලී අනුපාත දකුණු ආසියාතික කලාපයේ දක්නට ලැබෙන අතර, ඉන් ඉහළම අනුපාතය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බව බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය පවසනවා.
ශ්‍රී ලංකාව හැරුණුකොට එහි මුල් රටවල් පහ අතර ගැනෙන්නේ පිලිවෙළින් ඊජිප්තුව, පාකිස්ථානය, ඉන්දියාව සහ තුර්කියයි.
ආයෝජකයන් වෙත ඉදිරිපත් කෙරෙන සැබෑ පොලී අනුපාත සෘණ හෝ පහළ මට්ටමක පැවතීම ආර්ථිකයක ස්ථාවරත්වය පිළිබිඹු කරන අතර, අනුපාත ඉහළ යාම මූල්‍ය ප්‍රතිපත්තියේ ලිහිල් බව පිලිබිඹු කරන බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.