Gossips

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ, කොමසාරිස් ලැයිස්තුවට ජනපති අනුමැතිය

අතුරුදන් වුවන් පිළිබඳ කාර්යාලය සඳහා ව්‍යවස්ථාදායක මණ්ඩලය මඟින් නිර්දේශ කළ කොමසාරිස්වරුන්ගේ නම් ලැයිස්තුවට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවී ඇති බව කථානායක කරූ ජයසූරිය පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කථානායකවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක මණ්ඩලය දැනුම්වත් කර ඇති බවයි.
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා වූ කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ මීට වසරකට පමණ පෙරයි.
එහෙත් ඒ සඳහා කොමසාරිස්වරුන් නම් කිරීම පිළිබඳ ඒකමතික භාවයක් නොමැතිවීම නිසා එය ක්‍රියාත්මක කිරීම මෙතෙක් පමා වුණා.
ව්‍යවස්ථාදායක මණ්ඩලය මගින් අයදුම්පත් කැඳවීමෙන් පසු නිර්දේශිත නම් 08 ක් ජනාධිපතිවරයා වෙත යවා තිබෙනවා.
දැන් ඒ සඳහා අනුමැතිය හිමිවී ඇති බැවින් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරය ලබන සතියේ ආරම්භ වන අතර, ඒ සඳහා අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ ප්‍රගතිය වාර්තා කිරීමට රජය අපේක්ෂා කරන බව සඳහන්.