Gossips

පාසල් සිසුවියක් පැහැරගෙනගිය සැකකරු වසර දෙකකට පසු දැලේ

පාසැල් සිසුවියක් පැහැරගෙන ගිය පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ නාඋල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවියක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
2017 වසරේ අදාළ සිසුවිය පාසල් යන අවධියේදීයි සැකකරු විසින් ඇයව පැහැරගෙන ගොස් ඇත්තේ.
දැරියගේ මව්පියන් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ෂණයකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු වසර 2ක කාලයක් අදාළ දැරිය සමඟ අඹු සැමියන් ලෙස ජිවත් වී ඇති බවටයි වැඩිදුර තොරතුරු හෙළි වී ඇත්තේ.
සැකකාර පුද්ගලයා මෙම දැරිය සමඟ විවිධ ප්‍රදේශවල නවාතැන්ගෙන සිට ඇති බවට විමර්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව කුලියාපිටිය ප්‍රදේශයේ රැදී සිටියදී පොලීසිය විසින් සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී අධිකරණයෙන් ලබා ගත් විශේෂ අවසරයක් මත වසර 2ක කාලයක සැකකරුගේ දුරකථන වාර්තා සහ බැංකු ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ෂණවලදීයි ඔහු රැඳී සිටි ස්ථානය අනාවරණ කරගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (20) නාඋල මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.
අදාළ පාසල් සිසුවිය දඹුල්ල අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාට ඉදිරිපත් කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලීසියයි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.