Gossips

කුඩාවැල්ලේ සිව් පුද්ගල ඝාතනයට යොදාගත් යතුරුපැදිය හමුවෙයි

පසුගිය වසරේ දෙසැම්බර් 25 වනදා තංගල්ල – කුඩාවැල්ල ධීවර වරායේදී සිදුවූ සිව් පුද්ගල ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරුවලට අනුවයි.
අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු නාකුලූගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක්.
එමෙන්ම එම ඝාතනවලට යොදාගත් යතුරුපැදියද ඊයේ පස්වරුවේ බෙලිඅත්ත පොලිස් වසමේ පොල්වත්තක කාණුවක් තුළ තිබී සොයාගෙන ඇති බව සඳහන්.
ඝාතනය සිදුකළ දිනයේ සැකකරුවන් පැළඳ සිටි හිස් වැසුම් දෙකද පුළුස්සා තිබියදී හමුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.