Gossips

කොටහේනේ වෙඩි තැබීම පිටුපස පාතාලයේ ඉම්රාන්ගේ කල්ලිය

කොටහේන – ජින්තුපිටියේදී සිදුකළ වෙඩි තැබීම ඩුබායි හි සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඉම්රාන් නැමැත්තා මෙහෙයවා ඇති බව පොලීසිය පවසනවා.
විමර්ශණ සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඇන්ටන් මයිකල් නොහොත් කෲස් නැමැත්තා ඉම්රාන්ගේ කල්ලියේම සාමාජිකයෙකු බවයි.
මත්කුඩු ජාවාරමකට අදාළව මුදල් ගණුදෙනු පැහැරහැරීමක් මත එම කල්ලියේම අභ්‍යන්තර ප්‍රහාරයක් බවට මෙම වෙඩි තැබීම අනුමාන කරන බවයි එම නිලධාරියා සඳහන් කළේ.
කොටහේන – ජින්තුපිටිය ප්‍රදේශයේදී මොහු සිය බිරිඳ සමඟ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබුණේ ඊයේ රාත්‍රීයේයි.
පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශයෙකු සඳහන් කළේ.
වෙඩි වැදුණු කෲස් නැමැත්තාට එරෙහිව කොළඹ මහාධිකරණයේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බව වෙරළබඩ පොලීසියෙන් අප කළ විමසීමකදී කියා සිටියා.
මේ අතර මෙරට ඉතිහාසයේ විශාලතම හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට පැමිණි එරට මත්ද්‍රව්‍ය පාලන දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් අද දිවයිනෙන් පිටත්ව ගියා.
ඒ, මෙරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ අද පිටත්ව ගිය බංග්ලාදේශ නිලධාරීන් ඉදිරියේදී පරීක්ෂණ කටයුතු පිළිබඳ අන්තර් වාර්තාවක් ඉදිරිපත් කරනු ඇති බවයි.
එම නිලධාරීන් පොරොන්දු වී ඇත්තේ මෙම සිද්ධියේ මහමොළකාරිය වන බංග්ලාදේශ ජාතික කාන්තාව කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවටයි.
ඇයට රටින් පිටවීමට අවසර ලබා නොදෙන බව ද එම නිලධාරින් සඳහන් කර තිබෙනවා.
පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා දෙහිවලදී රුපියල් මිලියන 3336 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 278 ක් සමඟ බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
රැඳවුම් නියෝග මත එම සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටිනවා.
එමෙන්ම දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කාගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 20 ක් සමඟ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ ඊසි කෑෂ් ක්‍රමයට අනුරාධපුර ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරතවන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි.
27 හැවිරිදි සැකකරු විජයපුර – භාතිය මාවතේ පදිංචිකරුවෙකු වන අතර, පොලිස් භාරයට ගනු ලැබූ හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 17ක්.rn