Gossips

රුපියල් දහස ඉල්ලා වතු කම්කරුවන් යළි විරෝධතාවයේ

වතු කම්කරුවන්ගේ දිනක මූලික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් වෘත්තිය සමිති සිවිල් සහ බහුජන සංවිධාන කිහිපයක් අද කොටුව සහ මරදාන දුම්රියපල ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක නිරත වුණා.
වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස බල කරමින් අනිද්දා ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීමට ද දාහ ව්‍යාපාරය සූදානම් වනවා.
ඒ අනුව කොළඹ, හපුතලේ, බණ්ඩාරවෙල, පස්සර, හැටන්, නාවලපිටිය, රත්තොට, රත්නපුර සහ කෑගල්ල නගර කේන්ද්‍ර කරගනිමින් මෙම විරෝධතා පැවැත්වෙනු ඇති.
එමෙන්ම මහරගම නගර සභාව ඉදිරිපිට ද නව සිංහලේ ජාතික සංවිධානය විසින් අද පෙරවරුවේ විරෝධතාවයක් ආරම්භ කළා.
මේ අතර වැලිඔය – ඇතාවැටුණු වැව මහා විද්‍යාලය ඉදිිරිපිට දෙමව්පියන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුණා.
ඒ විද්‍යාලයේ පවතින ගුරු හිඟයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.