Gossips

නුවරඑළියට සත්ව ආහාර රැගෙන ඒමේදී උපදෙස් පිළිපදින්නැයි ඉල්ලීමක්

සත්ව ආහාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයට බඩඉරිඟු ගස් රැගෙන ඒමේදී කැබලි කර අසුරා රැගෙන එන ලෙසට දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර ගොවීන්ගෙන් ඉල්ලීමක් කරනවා.
සේනා දළඹුවාගේ ව්‍යාප්තිය අවම කිරීම මෙහි අරමුණ වන අතර, සත්ව ගොවිපලවල සිටින ගවයින්ගේ ආහාර සඳහා පිට පළාත්වල සිට වැඩි වශයෙන් නුවරඑළියට බඩඉරිඟු ගස් රැගෙන එන බවයි ඔහු කියා සිටියේ.rn