Gossips

කිරිපිටි සමාගම් වරායෙන් තොග නිදහස් කර ගැනීම අත්හිටුවයි

පාරිභෝගික කටයුතු අධිකාරිය සහ භාණ්ඩාගාරය අතර පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ කිරිපිටි සමාගම් කිහිපයක් කොළඹ වරායෙන් කිරිපිටි තොග නිදහස් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
රජය කිරිපිටි මිල ගණන් ඉහළ නැංවීමට ඉඩ ලබා නොදෙන්නේ නම් හෝ කිරිපිටි ආනයනයේදී දැනට අය කෙරෙන බද්ද අඩු කිරීමක් සිදුනොකළහොත් ඉදිරි සති දෙක තුන ඇතුළත රට තුළ කිරි පිටි හිඟයක් ද ඇති වනු ඇති බවටයි ආනයනකරුවන් අනතුරු අගවනු ලැබුවේ.
කිරිපිටි ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 170 ක බද්දක් ගෙවීමට සිදුවීම නිසා එය අඩු කරන ලෙසට හෝ මිල සංශෝධනයක් සිදුකරන ලෙසට කරුණු සඳහන් කරමින් කිරිපිටි ආනයනකරුවන් රජය සමඟ සාකච්ඡා කරනු ලැබුවා.
කෙසේ වෙතත්, එම සාකච්ඡා අසාර්ථක වී ඇති අතර, පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ කිරිපිටි මිල ඉහළ දැමීමට ඉඩ ලබානොදෙන අතර ඉදිරි අයවැයෙන් කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති වලට දැනට පනවා ඇති බදු සංශෝධනයක් සිදුවිය හැකි බවටයි.