Gossips

දිවයින පුරා පොලිස් මෙහෙයුමක්

දිවයින පුරා ඊයේ (19) රාත්‍රී 10 සිට අද (20) අලුයම 2 දක්වා සිදුකළ මෙහෙයුමකදී විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 3807 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ බීමතින් රිය පැදවූ පුද්ගලයින් 1066ක්, වරෙන්තුකරුවන් 851ක්, විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් 823ක් සහ හෙරොයින් ඇතුළු වෙනත් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයින් 967 දෙනෙකු මේ අතර වන බවයි.
එමෙන්ම බලපත්‍ර නොමැතිව මත්පැන් විකිණීම සහ ප්‍රසිද්ධ ස්ථානවල ඒවා පානය කිරීම සම්බන්ධයෙන් 99 දෙනෙකු මෙන්ම බලපත්‍ර නොමැති ගිනි අවි ළඟ තබා ගත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම මෙහෙයුමේදී රථ වාහන නඩු 5215ක් පැවරීමට කටයුතු කළ බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.