Gossips

ප්‍රංශයේ සංචාරක නිකේතනයක ගින්නක්

ප්‍රංශයේ සංචාරක නිකේතනයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ මෙම සංචාරක නිකේතනය අවට පිහිටි තවත් ගොඩනැගිලි කිහිපයකට ගින්න පැතිර යමින් පවතින බවයි.
පැතිර යන ගින්න පාලනයට සහ ගොඩනැගිලිවල සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා ද යොදවා තිබෙනවා.