Gossips

සුවිශේෂී ආගමික වැඩසටහන් සමඟින් හිරු ධර්ම ප්‍රදීපය දවස පුරා

දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන සංවිධාන වන්නේ ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනයි.
ඒ අනුව සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් හිරු එෆ්.එම්. ඔස්සේ ගෙන එනු ලැබුවේ සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු බොහොමයක් පිළිබඳව ශ්‍රාවක ඔබ දැනුවත් කරමින්.
අද දුරුතු පොහෝදා උදෑසන 06.00 ට අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු ධර්මප්‍රදීපය ආරම්භ වූ අතර, පිරිස අෂ්ඨාංග ශීලය සමාදම් කරමින් සහ ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ තිස්සමහාරාම රජමහා විහාරවාසී ශාස්ත්‍රවේදී පූජ්‍ය ඉක්කපල්ලමේ ගුණසිරි ස්වාමින් වහන්සේ විසින්.
උදෑසන 07.30ට සජීවි විශේෂ ධර්ම දේශනයක් සිදුකරනු ලැබුවේ පූජ්‍ය පිටිගල ධම්මවිනීත ස්වාමින් වහන්සේ විසින්.
සීලය සහ සැපය ගැන විග්‍රහ කරමින් මෙම ධර්ම දේශනාව සිදුකෙරෙනු අතර, විශේෂ ධර්ම සාකච්ඡාව පැවැත්වුණේ පෙරවරු 08.30 සිට 10.00 දක්වායි.
සිත පිරිසිදු කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණේ පූජ්‍ය ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද ස්වාමින් වහන්සේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය මහින්ද හේරත් සහ ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත සමඟින්.
දහවල් බුද්ධ පූජාමය පිංකමද ඉන් අනතුරුව සිදු කෙරුණු අතර, පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ හිමි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් සහ ජ්‍යොතිෂවේදී නිශාන්ත පෙරේරා සහභාගි වන විශේෂ ධර්ම සාකච්ඡාවක්ද පැවැත්වෙනවා.
එමෙන්ම තවත් ධර්ම සාකච්ඡා ඇතුලූ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් රැසක් අද හිරු ධර්මප්‍රදීපය වැඩසටහන යටතේ තිස්සමහාරාම රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතයි.