මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ මිනිස් අස්ථි කොටස් කාලනිර්ණය ඇතුලූ පරීක්ෂණ කිහිපයක් සඳහා මේ මස 23 වනදා ඇමරිකාවට රැගෙන යාමට නියමිතයි.
එහි කැණීම් කටයුතු භාරව සිටින විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ කියා සිටියේ මෙම සමූහ මිනීවලේ කැණීම් කටයුතු මේ මස 22 වනදා පස්වරුවේ සිට තාවකාලිකව නවතා දමන බවයි.
දින 132 ක් පුරා සිදුකරන ලද කැණීම් කටයුතුවලින් අස්ථි කොටස් 300 ක් පමණ හමුවූ අතර, එහි සාම්පල මෙලෙස ඇමරිකාවේ ෆ්ලොරිඩා හි පිහිටි රසායනාගාරයක් වෙත රැගෙන යනු ලබනවා.
එමෙන්ම එහි කැණීම් කටයුතු නැවත මේ මස 30 වනදා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි වෛද්‍ය ශමින්ද රාජපක්ෂ සඳහන් කළේ.