Gossips

මෙක්සිකෝවේ ඉන්ධන නළය පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 73 දක්වා ඉහළට

මෙක්සිකෝවේ හිදල්ගෝ ප්‍රාන්තයේ ලහුලිපෑන් නගරයේ ඉන්ධන සැපයුම් නළයක් පිපිරීමට ලක්වීමෙන් මියගිය සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මියගිය 73 දෙනා අතර, කාන්තාවන් තුන්දෙනෙකු සහ වයස අවුරුදු 12 ක ළමයෙකු ද සිටින බව සඳහන්.
තවත් 74 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති ඇති අතර, ඉන් හත්දෙනෙකු වයස අවුරුදු 18 ට අඩු ළමයින්.
නීතිවිරෝධී ලෙස ඉන්ධන ලබාගැනීම සඳහා දැරූ උත්සාහයකදී මෙලෙස එය ගිනිගැනීමට ලක්ව ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
පිපිරීම සිදුවූ ස්ථානය ආරක්ෂක අංශ විසින් ආවරණය කර ඇති අතර, ඉන්ධන සොරාගැනීම මෙක්සිකෝවේ ඇතැම් ජන කොටස් අතර ප්‍රචලිතවී ඇත්තේ සඳ එළිය යන අන්වර්ථ නාමයෙන්.