Gossips

සෙනසුරුගේ දිනක් පැය දහය හමාරක් බව හෙළිවේ

සූර්යග්‍රහ මණ්ඩලයේ පිහිටි වළලූ සහිත ග්‍රහයා වන සෙනසුරුගේ මෙතෙක් හෙළිදරව් නොවූ රහසක් අනාවරණ කරගැනීමට කැලිෆෝනියාවේ සැන්ටාකෲස් සරසවියේ විද්‍යාඥයන් සමත්වී සිටිනවා.
ඒ, නාසා ආයතනය සෙනසුරු වෙත යැවූ කැසිනි ගවේෂණ යානය පෘථිවියට එවූ දත්ත විශ්ලේෂණය කිරීමෙන්.
සෙනසුරුගේ දිනයක් සඳහා පෘථිවි හෝරාවලින් ගතවන කාලය මෙතෙක් අනාවරණ වී නොතිබූ රහසක්.
එය හෙලිදරව් කරගැනීමට නොහැකිවූයේ ඒ වටා පිහිටි විස්මයාකාර වළලූ පෙළ හේතුවෙන්.
එහෙත් සෙනසුරු සමීපයටම ගිය කැසිනි ගවේෂණ යානය එවූ සෙනසුරුගේ ගුරුත්වාකර්ෂණ ක්‍ෂේත්‍රය පිළිබඳ තොරතුරු අනුව හෙළිවී ඇත්තේ සෙනසුරුගේ දිනයක් පෘථිවියේ පැය දහය හමාරකට සීමාවන බවයි.