Gossips

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු කොම්පඤ්ඤ වීථියේදී අත්අඩංගුවට

කොම්පඤ්ඤ වීථිය – වොක්ෂෝල් වීථියේදී හෙරොයින්, කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොම්පඤ්ඤ වීථිය පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද අලූයම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 350 ක්, අයිස් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 500 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 540 ක් ඔහු සතුව තිබී පොලීසිය සොයාගෙන තිබෙනවා.
41 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.