ජනාධිපති එම්මානුවෙල් මැක්රොන්ගේ රජයට එරෙහිව කහ බැනියම් ව්‍යාපාරය සංවිධාන කරන විරෝධතා ඊයේ දසවන අඛණ්ඩ සති අන්තයේදීත් ක්‍රියාත්මක වුණා.
පැරිස් නුවර ඊයේ පැවති විරෝධතාවට 7,000 කට අධික පිරිසක් සහභාගිවූ අතර, ඇතමුන් පොලීසිය හා ගැටුණු බවද සඳහන්.
විරෝධතාකරුවන් රතිඤ්ඤා දල්වමින් පොලීසිය වෙත බෝතල් සහ ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ අතර, පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජලකදම්භ ප්‍රහාරයක් ඔවුන් වෙත එල්ල කර තිබෙනවා.