Gossips

ව්‍යාජ අංක තහඩු සවිකර මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

පිළියන්දල මංසන්ධියේදී ව්‍යාජ අංක තහඩු සවිකර මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මොහු 29 හැවිරිදි මහදෙණිය – අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහුට අයත් ඇක්වා වර්ගයේ මෝටර් රථයේ අංකය, බෙන්ස් වර්ගයේ මෝටර් රථයක සවිකර ධාවනය කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම මෝටර් රථ දෙකම පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒවායේ හිමිකරු මෙම පුද්ගලයා බවට අනාවරණ කරගෙන තිබෙනවා.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.