Gossips

මෙක්සිකෝවේ ඉන්ධන නළයක් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 71 දක්වා ඉහළට

මෙක්සිකෝවේ හිදල්ගෝ ප්‍රාන්තයේ ලහුලිපෑන් නගරයේ ඉන්ධන සැපයුම් නළයක් පිපිරීමට ලක්වීමෙන් මියගිය සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නීතිවිරෝධී ලෙස ඉන්ධන ලබාගැනීම සඳහා දැරූ උත්සාහයකදී මෙලෙස එය ගිනිගැනීමට ලක්ව ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
එලෙස ඉන්ධන රැස් කිරිමට පැමිණි පිරිසයි මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ.
පිපිරීම සිදුවූ ස්ථානය ආරක්ෂක අංශ විසින් ආවරණය කර ඇති අතර, මියගිය 71 දෙනා අතර, කාන්තාවන් තුන්දෙනෙකු සහ වයස අවුරුදු 12 ක ළමයෙකුද සිටින බව සඳහන්.
ඉන්ධන සොරාගැනීම මෙක්සිකෝවේ ඇතැම් ජන කොටස් අතර ප්‍රචලිතවී ඇත්තේ සඳ එළිය යන අන්වර්ථ නාමයෙන්.
එමඟින් වාර්ෂිකව රටට ඇමරිකානු ඩොලර් බිලියන 3 ක පමණ පාඩුවක් සිදුවන බව මෙක්සිකෝ බලධාරීන් පවසනවා.