Gossips

හිරු ධර්ම ප්‍රදීපය තිස්සමහාරාම පුදබිමේදී ඇරඹේ

අදට යෙදෙන දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන සංවිධාන වන්නේ ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනයි.
ඒ අනුව සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කිරීමට හිරු එෆ්.එම්. සූදානමින් සිටින්නේ සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු රැසක් පිළිබඳව ශ්‍රාවක ඔබ දැනුවත් කරමින්.
අද දුරුතු පොහෝදා උදෑසන 06.00 ට අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු ධර්මප්‍රදීපය ආරම්භ වුණා.
එහිදී පිරිස අෂ්ඨාංග ශීලය සමාදම් කරමින් සහ ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ තිස්සමහාරාම රජමහා විහාරවාසී ශාස්ත්‍රවේදී පූජ්‍ය ඉක්කපල්ලමේ ගුණසිරි ස්වාමින් වහන්සේ විසින්.
උදෑසන 07.30ට සජීවි විශේෂ ධර්ම දේශනයක් පැවැත්වෙන අතර, පූජ්‍ය පිටිගල ධම්මවිනීත ස්වාමින් වහන්සේ විසින් සීලය සහ සැපය ගැන විග්‍රහ කරමින් මෙම ධර්ම දේශනාව සිදුකරනු ලබනවා.
විශේෂ ධර්ම සාකච්ඡාව පැවැත්වෙන්නේ පෙරවරු 08.30 සිට 10.00 දක්වායි. සිත පිරිසිදු කර ගැනීම පිළිබදව මෙහිදී සාකච්ඡා වන අතර ඒ සදහා පූජ්‍ය ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද ස්වාමින් වහන්සේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය මහින්ද හේරත් සහ ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත එක්වනවා.
පසුව චුල්ලපදුම ජාතකය විවරණය කෙරෙන කාව්‍යමය ධර්ම දේශනාව කාව්‍ය විශාරද දීගල පියදස්සී ස්වාමින් වහන්සේ් විසින් සිදුකරනු ලබනවා.
එමෙන්ම තවත් ධර්ම සාකච්ඡා ඇතුලූ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් රැසක් අද හිරු ධර්මප්‍රදීපය වැඩසටහන යටතේ තිස්සමහාරාම රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතයි.