Gossips

වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩයක් ගැන මහ බැංකුවෙන් අවවාදයක්

ශ්‍රී ලංකා මහබැංකුව ලෙස පෙනී සිටිමින් වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරු කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.
‘‘නෝටිස් ෆ්රොම් සෙන්ට්‍රල් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඊ.පී.එෆ්.’’ මැයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව නමින් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මෙම වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ මෙරට මූල්‍ය ආයතන ඉලක්ක කරමින් හුවමාරු වෙමින් පවතින බවටයි වාර්තා වී ඇත්තේ.
එවන් කිසිදු දැනුම්දීමක් ශ්‍රී ලංකා මහබැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව කිසිදු අයුරකින් සිදුකර නොමැති බව මහජනතාවට සහ මූල්‍ය ආයතන වෙත දැනුම් දෙන බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළා.
අදාළ විද්‍යුත් තැපැල් පණිවුඩ හරහා හෝ එහි ඇමුණුම් හෝ ඊට අදාළ සම්බන්ධක හෙවත් ලින්ක්ස් විවෘත කිරීමෙන් වළකින ලෙස ද මහබැංකුව ඉල්ලා සිටියා.