Gossips

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් නව යෝජනා පෙළක්

දැන් තිස්වන දිනට එළඹී ඇති ඇමරිකානු රජයේ අක්‍රියවීම අවසන් කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව යෝජනා පෙළක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, ඇමරිකාවට නීතිවිරෝධී ලෙස ඇතුලූවන කොටස් දෙකකට අයත් සංක්‍රමණිකයන්ට රැකවරණ සැළසීම සඳහා කටයුතු කිරීමයි.
ඊට හිලව් වශයෙන් මෙක්සිකෝව සමඟ පවතින දේශසීමාව ඔස්සේ දෙවැනි පවුරක් තැනීම සඳහා වූ සිය යෝජනාවට ඔහු ඩිමොක්‍රටික් පක්ෂයේ සහය ඉල්ලා සිටිනවා.
දැන් රජයේ අක්‍රියවීමට හේතුවී ඇති අයවැය සම්මත නොවීමට ප්‍රධාන හේතුවක් වන්නේ එම පවුර ඉදිකිරීම සඳහා මුදල් අනුමත කිරීම මහජන නියෝජිත මණ්ඩලය ප්‍රතික්ෂේප කිරීමයි.
ජනපති ට්‍රම්ප් කියා සිටින්නේ හත්ලක්ෂයක් පමණ වන යොවුන් සංක්‍රමණිකයන්ට සහ දැනට රැකවරණ ලබාඇති, එහෙත් එය කල් ඉකුත්වීමට ආසන්න තුන්ලක්ෂයක් පමණ වූ සංක්‍රමණිකයන්ට රැකවරණ සැළසීමට තමන් සූදානම් බවයි.
ඒ වෙනුවෙන් මෙක්සිකෝ දේශසීමාව හරහා පවුර ඉදිකිරීමට ඇමරිකානු ඩොලර් බිලියන 5.7 ක් ඔහු ඇමරිකානු කොංග්‍රසයෙන් ඉල්ලා සිටිනවා.