Gossips

සිංගප්පූරුවේ සිට ගෙනා ස්වර්ණාභරණ තොගයක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපල රේගුව ඊයේ සිය භාරයට ගෙන තිබෙනවා.
අර්ධ වශයෙන් වැඩ නිමකළ මෙම ස්වර්ණාභරණ තොගය කුරුණෑගල සහ මහනුවර ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයින් තුන්දෙනෙකු විසින් රැගෙන විත් තිබූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න කියා සිටියේ.
රුපියල් 45 ලක්ෂ 87,000 ක් වටිනා මෙම ස්වර්ණාභරණ තොගයේ බර ග්‍රෑම් 834 ක්.
ස්වර්ණාභරණ තොගය රාජසන්තක කෙරුණු අතර, ඒ සමඟ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් තුන්දෙනා රුපියල් 30,000 ක දඩයක් මත නිදහස් කර තිබෙනවා.