Politics Sri Lanka

ඇමති මණ්ඩලයේ තවත් සංශෝධනයක් ලඟදීම

ඇමති මණ්ඩලයේ තවත් සංශෝධනයක් ලඟදීම

අද (25) සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනයට සමගාමීව තවත් සංශෝධනයක් ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

එහි දැක්වෙන්නේ ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේද අමාත්‍යංශ වෙනස්වීම් සිදුවීමට ඉඩ ඇති බවයි.

එමෙන්ම කැබිනට් සංශෝදනයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ වෙනස්වීම් සිදුවීමට නියමිත බවත් එය සති දෙකක් තුළ සිදු කරන බව ජානාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් ය.