Gossips

කුඩාවැල්ල වරායේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු ගිනි අවියක් සමග අල්ලයි

තංගල්ල – කුඩාවැල්ල ධීවර වරායේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ගිනි අවියක් ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය දෙසැම්බර් 25 වනදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලැබුවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළා ගිය අතර, ඒ සඳහා ටී – 56 ගිනි අවියක් සහ පිස්තෝලයක් භාවිතා කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
ධීවරයන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත වෙඩි තැබීම සිදු කර තිබුණා.
එසේම, ඝාතන සිද්ධියෙන් පසු යොදා තිබූ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය වූ වෑන් රථයක් ද පොලීසිය පසුව සොයා ගත්තේ බේරුවල – මොරගල්ල ප්‍රදේශයේ පිහිටි වාහන සේවා මධ්‍යස්ථානයක තිබියදීයි.
එය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි වර්ණය සහ අනෙකුත් උපාංග වෙනස් කරමින් තිබුණා.