Gossips

ඥානසාර හිමියන්ට නිදහස් ලබාදෙන්නැයි ඉල්ලා සත්‍යග්‍රහයක්

බන්ධනාගාර ගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස සහ එම දිනය ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින් සංවිධාන කිහිපයක් අද සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
පිටකොටුව, බෝධීන් වහන්සේ ඉදිරිපිට අද පස්වරුවේ ආරම්භ වූ මෙම සත්‍යග්‍රහයට බොදුබල සේනා, සිංහල රාවය සහ රාවණා බලය ඇතුළු තවත් සංවිධාන කිහිපයක් එක්ව සිටියා.