Gossips

උදයංගගේ සහෝදරයාගේ ගිණුමක් සොයා එෆ්.සී.අයි.ඩී. පරීක්ෂණ අරඹයි

මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ඩුබායි හි සිටින, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ ඥාති සහෝදරයෙකුගේ ගම්පහ පිහිටි ප්‍රධාන බැංකුවක පවත්වාගෙන යන ගිණුමකට මුදල් ලැබුණු ආකාරය පිළිබදව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊට අදාළ කරුණු රැසක් මේ වන විට අනාවරණ කරගෙන ඇති අතර, එය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
එමෙන්ම, පසුගිය 16 වනදා මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් උදයංග වීරතුංගට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ උදයංග වීරතුංගගේ ඩුබායි හි පිහිටි ගිණුමකට රුපියල් මිලියන 72 කට අධික මුදලක් ප්‍රේෂණය වී ඇති බවයි.
ඔහුගේ බිරිඳ, ඇගේ මව සහ සොහොයුරාගේ ගිණුම්වලින් මෙම මුදල් ප්‍රේෂණය වී ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.
එමෙන්ම ඔවුන්ගේ මෙරට බැංකු ගිණුම් කිහිපයකට විදේශ රටවල සිට ඩොලර් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවද පසුගිය 16 වනදා හෙලිව තිබුණා.